පේරු පතලකින් මළසිරුරු 13 ක්


ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

පොලිසිය පවසන්නේ, පතලේ තිබී හමමුවුණු එම සිරුරු, පේරු අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කළ කම්කරුවන් පිරිසකග් සිරුරු බවය.

අපරාධ කල්ලි සාමාජිකයන්, මෙම කම්කරුවන් පිරිස පැහැරගෙන ගොස් ඇත්තේ මීට සතියකට පෙරය. ඔවුන් නිදහස් කිරීමට මුදල් ඉල්ලමින්, අපරාධ කල්ලි සාමාජිකයන් එම කම්කරුවන්ගේ පවුල්වල අයට තර්ජනය කළ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)