පුපුරා නොගිය බෝම්බයක් හමුවෙලා


ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්‍යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය.

ටොන් එකක් බරැති මෙම බෝම්බය, බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම්වල පරික්ෂාවට ලක් වෙද්දී, ඒ අවට සිටි 13,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගත් බව පැවැසෙයි.

පොලිසිය පවසන්නේ, දෙවැනි ලෝක යුද්ධයේ දී ප්‍රහාර සඳහා යොදා ගත් මෙවැනි බෝම්බ මීට පෙර ද මෙම නගරය අවටින් සොයා ගෙන ඇති බවය.