පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ


පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි. 

දිවුරුම්දීමේ උත්සවය උත්සවශ්‍රීයෙන්  පැවැත්වෙන අතර, ඊට සහභාගී වෙන්නැයි රුසියාව බටහිර රටවලට නායකයන් සහ නියෝජිතයන්ට ඇරැයුම් කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා බටහිර රටවල් පවසා ඇත්තේ, පුටින්ගේ දිවුරුම් දීමේ උත්සවයට තමන් කිසිදු නියෝජිතයකු සහභාගී කරන්නේ නැති බවය. 71 හැවිරිදි පුටින් ජනාධිපතිවරණය ජය ගත්තේ සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

පුටින් දිවුරුම් දෙන්නේ පස්වැනි ධුර කාලය වෙනුවෙනි. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් පුටින්ට විරෝධය පළ කර ඇත්තේ යුක්රේනය සමඟ පවතින යුද්ධය නිසාය.