
ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ට) ඉන්දීය සංචාරයකට පැමිණ සිටී.
පිලිපීන ජනාධිපතිවරයා මෙසේ ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමකට අනුවය. ඉන්දියාවට පැමිණි ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
සාකච්ඡාවලින් පසු, මෝදි සහ මාකෝස් මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර, එහිදී දෙරට අතරේ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට හැකිවුණු බව ප්‍රකාශ කෙරුණි. ද්වීපාර්ශ්වීක වෙළෙඳ කටයුතු ඩොලර් බිලියන 3 පසු කර ඇතැයි ද පැවැසිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අමතරව, පිලිපීන ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අතරේ ද හමුවක් පැවැත්විණි.

