මෙතෙක් මිනිසා විසින් තැනූ බලගතුම දුරේක්ෂ සියල්ල අභිබවමින් විශ්වයේ ජීවීන් සොයාගත හැකි තරම් අති ප්‍රබල දුරේක්ෂයක් නිපදවමින් සිටින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.
ඉතා විශාල කාච විවරයක් සහිත මේ දුරේක්ෂයෙන් ආලෝක වර්ෂ ලක්ෂ 100 ක් ඈතින් පිහිටි වස්තුවක් වුව ද ඉතා සවිස්තරාත්මකව දැන ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් පවසයි. එය 2018 දී අභ්‍යාවකාශගත කිරීමට හැකිවනු ඇති බවත් එතැන් පටන් වසර 30ක කාලයක් දුරේක්ෂයේ සේවය ලබාගැනීමට අපේක්ෂිත බවත් ඔවුහු කියති.
විශ්වයේ අප තනිවී නැතැයි යන සංකල්පය සනාථ කැර ගැනීමට මේ දුරේක්ෂය නිපදවන බව නාසා ආයතනය පවසයි.



