පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර් මස 22 වෙනි ඉරුදින උදේ 10ට ආරම්භවේ. එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ශ්‍රීලංකාවේ සහ යුරෝපයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් සහභාගී විමට නියමිතය.


