සිංහල සංස්කෘතිය ලොවට පෙන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රංශයේ පැරිස් නුවර "තිසරාවී" කලායතනය ශ්‍රී ලාංකික නැටුම් කලාව ප්‍රගුණ කළ ප්‍රංශයේ උපත ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරු දැරියන් හට ශීර්ෂාභරණ පැලැඳවීමේ කලඑළි මංගල්‍යයක් පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විය.
නැකත් චාරිත්‍ර පිළිපදිමින් අරුණ වැටෙන්නටත් පෙර ආරම්භ කළ මංගල්‍යය අවසන් වුයේ සිසුවියන් දසදෙනෙකුගේ නැටුමකිනි.
බෞද්ධ සිරිත් විරිත් පෙරදැරි කරගෙන මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගනිමින් නැකතට ශීර්ෂාභරණ පැළැඳවීම සිදුවිය. "තිසරාවි" කලායතනයේ නිර්මාතෘ දිමිත්‍රි පිරිස් සහ නැටුම් ශිල්පය ප්‍රගුණ කළ දරුවන්ගේ දෙමාපියෝ මෙම උත්සවය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කළහ. ප්‍රංශයේ මෙවැනි සම්ප්‍රදායික ශ්‍රී ලාංකික කලඑළි මංගල්‍යයක් පවත්වන ලද මුල්ම අවස්ථාව මෙය විය.

![PARIS_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_11.jpg)
![PARIS_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_21.jpg)
![PARIS_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_31.jpg)
![PARIS4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS41.jpg)
