පැරීසියේ සිදුවූ ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හදුනා ගෙන ඇති ඬේඒස් ත‍්‍රස්තවාදි කණ්ඩායමේ මස් වැද්දා ලෙස හදුන්වන බෙල්ජියම් ජාතික අබ්ඩෙල් හමීඞ් අබයුඞ් බදාදා ප‍්‍රංශ පොලිස් කමාන්ඩෝ කළ මෙහෙයුමේදි මිය ගොස් ඇති බව ප‍්‍රංශ වේලාවෙන් සවස 14.50ට ප‍්‍රංශ අගමැති මැනුවෙල් වාස් පාර්ලිමේන්තුවේදි නිවේදනය කළේය.
නිවේදනයෙන් පසු ප‍්‍රංශ පාර්ලිමේන්තුව අත් පොලසන් හඬීන් ගිගුම් දුන්නේය.
බදාදා කළ සෝදිසි මෙහෙයුම සිකුරාදා ප‍්‍රහාරයට ලක්වූ බැටැක්ලැන් ශාලාව ඉදිරිපස කුනු කූඩයක තිබූ ජංගම දුරකථනයක තොරතුරු ඔස්සේ සිදුවිය. එම මෙහෙයුමෙන් පිරිමි 7 ක් හා කාන්තාවක් ලෙස 8 දෙනකු අත් අඩංගුවට ගැනුණු අතර පිරිමියකු හා ගැහැණියක් මරුමුවට පත්වුහ. මියගිය කාන්තාව පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිය දිවිහානි කර ගත් අතර හස්නා අයිට්බුලාහාචෙන් ලෙසින් ඇය හදුනා ගෙන ඇත. ඇය 1989දී පැරීසියට නුදුරින් පිහිටි කිලිචී ලා ගැරොන් හී උපත ලබා ඇත්තේය. මියගිය අනෙකා අබ්ඩෙල් හමීඞ් අබයුඞ් ලෙස හඳුනා ගෙන ඇත.
පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරුගේ පෙම්වතිය වන ඇය සිරියාවේදි ත‍්‍රස්ත පුහුණුවීම් ලැබු තැනැත්තියකි. ඔවුන් සියලූ දෙනා ප‍්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට හෝ පැරීසියේ වානිජ නගරය වන පුංචි නිව්යෝර්ක් ලෙස හදුන්වන ලා ඩිෆෝන්ස් හී ප‍්‍රහාරයන් සිදුකිරීමට සුදානමින් සිටි බව ප‍්‍රංශ රහස් තොරතුරු පවසයි.
කෙසේ නමුදු සිරියාවේ සිටින බව පුන පුනා පැවසූ අබ්ඩෙල් හමීඞ් අබයුඩ් ප‍්‍රංශයට පැමිණියේ කෙසේද යන්න ප‍්‍රංශ ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරමින් සිටී.




