ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවර පූජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
චීන සහ වියට්නාම දායකයෝ මෙවර එහි දායකත්වය දැරූහ.
මහා සංඝරත්නයට සාංඝික දානය පිරිනැමීමෙන් පසු කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරය කළේය.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති පිංකමට මානම්පිට අමිත, මාපලගම ජිනානන්ද , අතලේ සුමන , කැන්දවින්නේ රාහුල , කැම්පනේ අනුරුද්ධ හිමිවරුද සහ බංගලිදේශ හිමිවරු තෙනමක් ද වැඩම කළහ.
ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවක් ද, තුවාල ලැබූවන් වෙනුවෙන් සෙත් පැතීමක් ද සිදු විය.













