පාප්තුමාගේත් කනගාටුව


නේපාලයේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් ශුද්ධ වූ ලියෝ පාප්තුමන් ද දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බව වතිකානුව නිවේදනය කර ඇත.

වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පියෙට්‍රෝ පැරොලින්  නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වන්නේ, මෙම ඛේදනීය සිදුවීමෙන් මියගිය අයගේ ඥාතීන් වෙත උන්වහන්සේගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවය. 

එමෙන්ම විපතට පත් වූ සියලු දෙනා වෙනුවෙන් පාප්තුමන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදය සහ සහයෝගය පිරිනමන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.