පාප්තුමා සමාව ඉල්ලයි


සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය.

පසුගිය සතියේ බිෂොප්වරුන් 250 දෙනකු හමුවුණු අවස්ථාවේදී, 87 හැවිරිදි පාප්තුමා, පූජකවරුන්ගේ පුහුණු විද්‍යාලවලට සමලිංගිකයන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ඊට විරෝධය දක්වමින්, එය එසේ නොවිය යුතු බව පාප්තුමා පෙන්වා දුන්නේය. පාප්තුමන් මෙම අවස්ථාවේ, අපහාසාත්මක වදනක් භාවිත කරමින්, සමලිංගිකයන් හැඳින්වූයේ යැයි පැවැසෙයි.

පාප්තුමන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ සමලිංගිකයන්ට අපහාස කිරීමේ අදහසක් තමන්ට නොමැති බව පැහැදිලි කරමිනි.