ලෝකයේ වර්ණවත්ම ස්ථානය ඉන්දියාව බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියානුවන්ගේ සම්ප්‍රදායික උත්සවයක් වූ හෝලි උත්සවයේ දී වර්ණ ශක්තිය ඔවුන් පෙන්වන බවත් ඉන්දියාවේ ගැහැනුන් හා මිනිසුන් විවිධ වර්ණ භාවිතා කරමින් විචිත්‍රත්වය ලොවට හඬගා කියන බවත් එම වෙබ් අඩවිය පවසයි.
ඉන්දියාවේ මිනිසුන් ජිවත්වන සියළුම පෙදෙස්, ඔවුන්ගේ ආගමික ස්ථාන, අධිරාජ්‍ය යුගයේ ගොඩනැගුණු යුරෝපීය ගොඩනැගිලි පවා වර්ණවත්ය. වර්ණවලට ආදරය කරන මේ අපූරු සංස්කෘතික ජනතාව ගැහැනුන් හා මිනිසුන් තම ඇඳුමෙන් පවා අපූරු වර්ණ සංකලනයක් ලෝකයාට පෙන්වන බව ඔවුන්ගේ මතයයි. තමන් කෑමට ගන්නා ආහාරයේ ද ඉන්දියානුවන් අපූරු වර්ණ සංකලනයක් භාවිතා කරන බව මේ වෙබ් අඩවියේ දක්වා තිබේ.
ගමන් බිමන් යන රථයේ පවා අපූරු වර්ණ යොදාගන්නා ඉන්දියානුවන් සිය සංස්කෘතික උරුමයක් ලෙස මේ වර්ණ බාවිතයට පුරුදුව සිටිතියි සමාජ විද්‍යාඥයෝ කියති.















