
පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේය.
ෂෙහ්බාස් ෂරීෆ් යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. ෂෙහ්බාස් ෂරීෆ් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට නායකත්වය දෙයි.
‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කළේ අනෙක් ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වූ පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ඇතිවය.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනකු මුස්ලිම් ලීගය එන් පක්ෂයත් 11 දෙනකු පාකිස්තාන ජනතා පක්ෂයත් නියෝජනය කරන බව වාර්තා වේ.
පාකිස්තානය ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ ද එම ආර්ථික අර්බුදයට ඔහු වගකිව යුතු යැයි විපක්ෂය චෝදනා කළ බැවිනි.
(රොයිටර්)

