ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ භාර ගනී


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)


ප්‍රංශයේ නව ශ්‍රීලංකා තානාපති ලෙස පැමිණි බුද්ධි. කේ. ආතාවුද මහතා පසුගියදා ප්‍රංශ තානාපති කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

සියලුම ජාතීන් නියෝජනය කෙරුණ පරිදි  පූජ්‍ය පක්ෂයේ ආශිර්වාද මධ්‍යයේ වැඩ භාර ගත් ආතාවුද මහතා පසුව ජාත්‍යයන්තර යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉරීනා බොකෝවා මහත්මිය හමුවී අක්තපත්‍ර භාර දුන්නේය.
ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසත් ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤඤය, අන්ඩෝරා හා මොනාකෝ යන රාජ්‍යයන්හී නව ශ්‍රීලංකා තානාපති ලෙසත් ආතාවුද මහතා සේවයට එක් වන්නේය. බුද්ධි ආතවුද මහතා මින් පෙර නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හී ශ්‍රීලංකා කොන්සල්වරයා ලෙසද සේවය කර ඇත්තේය.