ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය තිලක් රණවිරාජා පසුගියදා පැරිස් නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.
වසර 42 කටත් වඩා දිර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස් තනතුරු බොහෝ ගණනක් දරා ඇති ඔහු හිටපු ජනාධිපති උපදේශකවරයෙක් අමාත්‍යංශ කිහිපයකම ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත්තෙකි. ඒ මහතා කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වශයෙන්ද සේවය කර ඇත.
පැරිස් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේදී පරවාහැර චන්දරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් රණවිරාජා මහතාට සෙත් පැතුහ. මෙම අවස්ථාවට මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල සහ කහත්තේවෙල සුගතසිරි යන හිමිවරු ද සහභාගී වුහ.
අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේට සමීප ඥාතීත්වයක් ඇති, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන රණවිරාජ වැන්නෙකු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා පත්වීම පිලිබඳ ඉතාමත් සතුටුවන බව අනුශාසනාවක් පවත්වමින් පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.

![IMG_2427_(Copier)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_2427_Copier1.jpg)
![IMG_2418_(Copier)_-_Copie[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_2418_Copier_-_Copie1.jpg)
![IMG_2409_(Copier)_-_Copie[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_2409_Copier_-_Copie1.jpg)
![IMG_2402_(Copier)_-_Copie[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_2402_Copier_-_Copie1.jpg)
![IMG_2398_(Copier)_-_Copie[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_2398_Copier_-_Copie1.jpg)
