ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි


ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බයිරුට ධුරය අහිමි විය. ඒ, පාර්ලිමේන්තු විශ්වාසභංග ඡන්දයෙන් පරාජය වීමත් සමඟය.

වසර දෙකකට අඩු කාලයකදී අග්‍රාමාත්‍ය ධුරය අහිමිවුණු පස්වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ බයිරුය.

ප්‍රංශය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, එයින් මිදීමට අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බයිරු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවක් විය.

බයිරු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට සිය ඉල්ලා අස්වීම බාර දුන් බවත්, ඉදිරි දින කීපයේ දී මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයකු නම් කරනු ඇති බවත් පැවැසෙයි.