පස්දරු මවක් වන මාලියා රේඩ් සිව් නිවුන් දරුවන් ලැබීමට වාසනාවන්තියක වූවාය. පසුගිය සඳුදා බ්‍රිතාන්‍යයේ කොළරාඩෝ විශ්වවිද්‍යාලයීය රෝහලේ දී සිසේරියන් සැත්කමකින් බිහිකළ මේ සිව් නිවුන් දරුවන් සුවෙන් පසුවන බව වෛද්‍යවරු කියති.
තිස් හැවිරිදි මාලියා රේඩ් පවසන්නේ තමන් තවත් දරු උපතක් බලාපොරොත්තු නොවූවත් ඔවුන් සිවු දෙනාම දෙවියන් විසින් දුන් තෑග්ගක් බවයි.
මාරියා මිලියන ගණනක් මව්වරුන්ගෙන් එක් සුවිශේෂී මවකි. මෙය කොතරම් දුර්ලභ අවස්ථාවක් දැයි කිව නොහැකි බව ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරු කියති. සති 33 ක දී බිහිවූ මේ දරුවන් තවත් සති හයක් හෝ අටක් පමණ රෝහලේ තබා ගැනීමට සිදුවන බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.






