පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් පසු, යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය, ඊශ්‍රායල පලපස්තීන අර්බුදයටත්, ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදයටත් සාමකාමී දේශපාලන විසඳුමක් සෙවීමට මැදිහත් වී සිටී.
තම එකමුතුවෙන්, සෙසු යුරෝපා රටවල් ද නව සාම වැඩපිළිවෙළකට සම්බන්ධ කර ගැනීමට ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රටවල නායකයෝ සූදානම් වෙති. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව ද ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය අවධාරණය කර ඇත.
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරමින්, සටන් විරාමයක් ආරම්භ කරමින් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඉතිරි ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම කඩිනමින් කළ යුතු බව ද ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)