
නේපාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා මැද එරට බන්ධනාගාරවලින් රැදෙවියන් 7,500 කට වඩා පැන ගොස් ඇති බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයට අනුව ඩිලිබසාර් බන්ධනාගාරයෙන් රැඳවියන් 1,100 ක් ද චිත්වාන් බන්ධනාගාරයෙන් රැදෙවියන් 700 ක් ද, නක්ඛු බන්ධනාගාරයෙන් රැදෙවියන් 1,200 ක් ද, සන්සාරි හි ජුම්ප්කා බන්ධනාගාරයෙන් රැදෙවියන් 1,575 ක් ද කාංචන්පූර් බන්ධනාගාරයෙන් රැදෙවියන් 450 ක් ද, කයිලාලි බන්ධනාගාරයෙන් රැදෙවියන් 612 ක් ද, ජලේෂ්වර් බන්ධනාගාරයෙන් රැදෙවියන් 576 ක් ද, කස්කි බන්ධනාගාරයෙන් රැදෙවියන් 773 ක් ද, ඩැං බන්ධනාගාරයෙන් බන්ධනාගාරයෙන් රැදෙවියන් 124 ක් ද, ජුම්ලා බන්ධනාගාරයෙන් රැදෙවියන් 36 ක් ද සොලුකුඹු බන්ධනාගාරයෙන් රැදෙවියන් 86 ක් ද, ගෞර් බන්ධනාගාරයෙන් රැදෙවියන් 260 ක් ද බජ්හැං බන්ධනාගාරයෙන් රැදෙවියන් 65 ක් ද පලා ගොස් ඇත.
විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, බන්ධනාගාර නියාමකවරුන්ට බන්ධනාගාරවල කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වුණු බවත් රැදෙවියන් පලා ගිය බවත් නේපාල මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.

