යුරෝපා රාජ්‍යයක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී 67 හැවිරිදි ඩික් ස්කූෆ් නම් කිරීමට එරට සන්ධාන රජය තීරණය කර තිබේ.
නෙදර්ලන්ත මහ මැතිවරණය පසුගිය වසරේ නොවැම්බරයේ පැවැත්විණි. නෙදර්ලන්තයේ සන්ධාන රජයක් පිහිටුවා ඇත්තේ, පක්ෂ 4 ක එකමුතුවෙනි. වසර 14 ක් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මාක් රූට් ධුරයෙන් ඉවත්ව යෑමත් සමඟ එම අඩුව පිරවීමට ඩික් ස්කූෆ් ට හැකිවනු ඇති බව සන්ධාන රජයේ විශ්වාසය වී ඇත.
තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්නේ නම්, ඒ නව රජයක් පිහිටුවන සන්ධාන පක්ෂ හතරට පමණක් නොව, සමස්ත නෙදර්ලන්ත වැසියන් වෙනුවෙන් යැයි ඩික් ස්කූෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.