නිව්යෝක් බෞද්ධ විහාරයේ වැඩ වසන කුරුණෑගොඩ ධම්මාලෝක හිමියන් පරිවර්ථනය කළ ‘එක් රැයෙක නවාතැන කෙලෙස් වනයෙන් සොඳුරු නිවනට‘ නමැති ග්‍රන්ථය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට පිළිගැන්වීම ඉරිදා (18) නිව්යෝක් බෞද්ධ විහාරයේදී සිදුකෙරිණි.
ග්‍රන්ථය එළි දැක්වීමේ දේශනය හේමා සේනානායක මහතා සිදු කළේය.
එදිනම රාත්‍රියේ රන්ජන් විජේරත්න, ප්‍රියංකා පෙරේරා හා රංජනී වීරතුංග යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විශේෂ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබිණි.
මෙම පිංකම සඳහා නිව්යෝක් නුවර වෙසෙන ලාංකිකයෝ බොහෝ පිරිසක් එක්ව සිටියහ.






