ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින්, න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට පවා තමන් පසුබට නොවන බව පාකිස්තානය පවසයි.
පාකිස්තාන රජය වෙනුවෙන් මේ බව නිවේදනය කළේ එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද්ය. පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
පාකිස්තානයත් ඉන්දියාවත් න්‍යෂ්ටික යුද ශක්තියෙන් සමන්විත රාජ්‍යයන්ය. ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් වර්ධනය වුවහොත්, එය කලාපීය වශයෙන් ද අර්බුදයකට හේතුවක් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)