
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගත් අනූතින්චාන් විරකුල්ට එරට රජුගේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, ඔහු නිල වශයෙන් අග්රාමාත්ය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මහලේකම් ආපාත් සුඛානුන්ත්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගත් අනූතින් චාන්විරකුල්ට අනුමැතිය ලබා දුන් බව නිවේදනය කළේ බැංකොක් නුවර භූම්ජයිතායි පක්ෂ මූලස්ථානයේදීය.
අනූතින්චාන්විරකුල් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම සිදුවූයේ, ඔහුට පෙර එම ධුරය දැරූ 38 හැවිරිදි පයෙතොංතාන් ෂිනවත්රා ධුරයෙන් ඉවත් කිරීමට අධිකරණය තීන්දු කළ බැවිනි. ඒ, තායිලන්ත කාම්බෝජ දේශසීමා අර්බුදය මුල්කොට ගනිමිනි.
පයෙතොංතාන් ෂිනවත්රා යනු තක්සින් ෂිනවාත්රාගේ දියණියයි. අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර ධර්ම නියම කඩ කිරීමේ වරදට පයෙතොංතාන්ට ධුරය අහිමිවිය.

