නයිජීරියාවේ ඊසාන දිග පෙදෙසේ මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. බොකොහරාම් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ ප්‍රදේශයේ උත්සන්නව පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීම සිදුව ඇත්තේ හමුදා පිරික්සුම් මුරපොළක බවයි. මියගිය හා තුවාල ලැබූවන් අතර දරුවන් කිහිප දෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

