දුප්පත් ජනපතිගේ වත්කම් අතර කකුල්තුනේ බල්ලෙක් By None // 2012 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස නම් පටබැඳ ඇත්තේ උරුගුවේ රාජ්‍යයේ ජනාධිපති ජොසේ මුජිකාවය. සුඛෝපභෝගී ජනාධිපති නිල නිවස උරුගුවේ අගනුවර වන මොන්ටෙ වීඩියෝ නගරයේ පිහිටා තුබුණත් ජනාධිපති පදිංචිව සිටින්නේ අගනුවරින් පිටත ඔහුගේ බිරියට අයත් පැරැණි ගොවිපළක නිවසකය. අබලන් වූ එම නිවසේ ජීවත්වන ජනාධිපතිගේ ආරක්ෂාවට පොලිස් නිලධරයෝ දෙදෙනෙක් පමණක් සිටිති. වැඩිවනත් තනියට සුරතලයට ඇති කරන මැනුලා නම් වූ කකුල් තුනේ බල්ලෙකි. විවේක වේලාවට ජනාධිපති බිරය හා එක්වී ගොවිපළෝ මල් වවති. ජනාධිපතිවරයාම ට්‍රැක්ටරය පදවයි. බීමට ජලය ලබා ගන්නේ ගෙවත්තේ පිහිටි ළිඳකිනි. 2009 දී ඔහු බලයට පත්විය. 2010 දි ඔහු රජයට බාරදුන් වත්කම් ප්‍රකාශය අනුව දන්වා ඇත්තේ බිරියට අයත් මේ ගොවිපලත් ට්‍රැක්ටරයත්, අබලන් නිවස සහ 1987 නිෂ්පාදනය කරන ලද බීටල්ස් ටොක්ස්වාගන් මෝටර් රථයත් පමණී. ඔහුගේ වැටුපෙන් සියයට 90 ක් දුප්පත් ජනයා නඟා සිටුවීම සඳහා පරිත්‍යාග කරයි. මේ සරල ජීවිතයට පුරුදු පුහුණුවුයේ වසර 14ක්ම උරුගුවේ බන්ධනාගාර දඬුවම් විඳි කාලයේ බව ජනාධිපති මුජිකා පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත