වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ බවය.
නවදිල්ලියේ ද්වර්කා පළාතේ නිවසකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක සහ කුඩා දරුවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ. මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් අවහිර වීමෙන් ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ විය.
දුම්රිය ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති අතර, දුම්රිය ගමන් වාර 20 ක් පමණ අවලංගු කිරීමට සිදුවුණු බව දිල්ලි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
(එන්.ඩී.ටීවී.)