උතුරු කොරියාව හය වැනි වරට සිදුකරන ලද මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දකුණු කොරියාව සජීවී මිසයිල අභ්‍යාසයක නිරත වී ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරක ජෙට් යානා මගින් සහ පොළොවේ සිට එල්ල කරන ලද බැලස්ටික් ප්‍රහාර මගින් මෙම අභ්‍යාසයේ ඔවුන් නිරත වී ඇත.
බලධාරීන් පවසන්නේ උතුරු කොරියාවෙන් එල්ල කරන ලද මිසයිල වල දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සාර්ථක ලෙස මෙම අභ්‍යාසයේ නිරත වූ බවයි. දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද වෙතට මෙම ප්‍රහාර එල්ල කර ඇත.
උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇති අතර උතුරු කොරියාවේ ක්‍රියාකාරීත්වය ඉතාමත් අන්තරාදායක බව ද ප්‍රකාශ කර ඇත.


(ෆොක්ස් පුවත් ඇසුරිණි - 085)

