දකුණු කොරියන් ජනපති ඇමෙරිකන් ජනපති හමුවෙයි


ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් අතරේ සාකච්ඡා, ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ලී ජේ මියුංග්, ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට ආ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතරේ මිතුදම් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්විණි.

දකුණු කොරියාවට පැමිණෙන්නැයි ජනාධිපති ලී ජේ මියුංග්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ඇරැයුම් කිරීමට ද අමතක කළේ නැත. දකුණු කොරියාවට පැමිණීමෙන් පසු, ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් පැවැත්වීමට තමන් කටයුතු කරන බව ද  ලී ජේ මියුංග් පැවැසීය. මෙය ට්‍රම්ප්ගේ පැසසුමට හේතුවක් විය. 

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා දෙකකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.