තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් පාකිස්තාන කම්කරුවන් 9ක් මරුට


(ඒ.එෆ්.පී* නිරිතදිග පාකිස්තානයේ බලූචිස්තාන් පළාතේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(13) සිදු කළ වෙඩිතැබීමකින් මාර්ගයක වැඩ කරමින් සිිටි කම්කරුවන් නමදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර සිවු දෙනෙක් තුවාල ලැබූහ. වෙඩිතැබීම සිදු කරන ලද්දේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් සිවුදෙනකු විසිනි. ක්වෙටා නගරයට සැතපුම් 25ක් දුරින් පිහිටි මාර්ගයක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට වෙඩිතැබීමෙන් අනතුරුව එම පිරිස පළාගොස් ඇති බව වාර්තා වේ. මේ වන තෙක් ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් බාරගෙන නොමැති බව ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඇෆ්ගන්/ඉරාන දේශසීමාවේ පිහිටි මෙම ප‍්‍රදේශය තෙල් සම්පතින් අනූන පළාතක පිහිටා තිබේ. එසේ වූවද තලෙයිබාන් සහ ගෝත‍්‍රික සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරතුරු වාර්තා වන ප‍්‍රදේශයක් ලෙස ද මෙය ප‍්‍රකටය.