තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති


ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් ද නව පාප්තුමා අදහස් දැක්වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ලෝකයට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමය යැයි පාප්තුමා සිය පළමු දේව මෙහෙය අතරතුරේ පැහැදිලි කළේය.

ඉන්දියාවත් පාකිස්තානයත් යුද ගැටුම් නවත්වා සටන් විරාමයකට යෑමට කැමැත්ත පළ කිරීම ද පාප්තුමාගේ පැසැසුමට හේතුවක් විය. එදිරිවාදිකම් පසෙකළා සැවොම සාමයෙන් සමඟියෙන් සිටිය යුතු බව ද ලියෝ පාප්තුමන් පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)