ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6* තීන්දු කළේය.
බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගත්තේ ජනතාව ඊට විරුද්ධ වූ නිසාය.
බලාගාරය ඉදි කෙරෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් එය ඉන්දියාවේ බලශක්ති අර්බුදයට අත්‍යාවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

