
ලොව සුපතල ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සහ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් විවාහ ගිවිසගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම වසර දෙකදක ආදර කතාව මේ අයුරින් තවත් පියවරක් ඉදිරියට තැබුවේ යැයි ටේලර් ස්විෆ්ට් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඇය සමඟ සම්බන්ධ වී සිටින ඇගේ රසික රසිකාවියන් ගණන මිලියන 28 කට වැඩිය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස්, ටේලර් ස්විෆ්ට් පැලැන්දූ මුද්දේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් 29,000 ක් බවය.
ටේලර් ස්විෆ්ට් සැරසී සිටියේ රැල්ෆ් ලෝරන් ගවුමකි. ඇගේ ඔරලෝසුව, දියමන්තිවලින් අලංකාර කළ කාර්ටියර් වර්ගයේ ඔරලෝසුවක් බව ද පැවැසෙයි.
පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩොනගල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පාක්ෂික කමලා හැරිස්ට ප්‍රසිද්ධියේ හාය පළ කළ තැනැත්තියක වන්නේ ද ටේලර් ස්විෆ්ට්ය. විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් කමලා හැරිස් විශේෂ සුබ පැතීමක් කළ බව ද වාර්තා වේ.

