ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ හමුවක්, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවැත්විණි.
මාධයවේදීන් ද පිරිවරාගෙන රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා පිළිගනිමින් සුහදව සාකච්ඡාව ආරම්භ වූ නමුත්, අයර්ලන්තය ඇමෙරිකාවේ රැකියා අවස්ථා උදුරා ගත්තේ යැයි ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේය.
අයර්ලන්ත වැසියන් ඉතාමත් කපටි පිරිසක් බවත් ඔවුන් ඉතා සූක්ෂමව, ඇමෙරිකානුවන් රවටා ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා උදුරා ගත් බවත්, තමන්ට පෙර සිටි ඇමෙරිකන් ජනාධිපතිවරුන්ගේ අනුවණකම් නිසා එවැන්නක් සිදුවුණු බවත් ට්‍රම්ප් පැහැදිලි කළේය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ගෝලීය වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25ක තීරුබදු පැනවීමෙන් පසු යුරෝපා සංගමය ද පෙරළා ඇමෙරිකන් නිෂ්පාදන සඳහා තීරු බදු පැනැවීම සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් ද ට්‍රම්ප් යුරෝපා සංගමය විවේචනය කළේ අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාට දොස් නගමිනි. අයර්ලන්තය, 1973 වසරේ පටන් යුරෝපා සංගම් සාමාජිකයෙකි.
(ඒ.එෆ්.පී.)