ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් සතුන් වත්තේ දී ජිරාෆයකු පැටවකු බිහිකරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී ඇත. සත්වෝද්‍යානයේ පාලකයන් පවසන්නේ ගැබ්බරව සිටි ජිරාෆයා පැටවුන් බිහිකරන විශේෂ කුටියකට ඇතුළුකැර දිනකදී මේ පැටවා බිහිකැර ඇති බවයි. උපතලබා ඇත්තේ ගැහැණු පැටවකු බව ඔවුහු කියති. පැටවා බිහිවන මොහොතේ ජිරාෆයා කුටියේ ඇති කවුළුවකින් එලියට හිස දමාගෙන සිටින ආකාරයත් පැටවා උපත ලැබීමනේ පසු නැගිටීමට සහයවන ආකාරයත් වීඩියෝ දර්ශනවල පැහැදලිව දක්නට ලැබෙයි. මේ ජිරාෆ් පැටවා මාසයක් ඇතුලත ඕස්ට්‍රේලියාවේ සත්ත්වෝද්‍යානයක උපත ලැබූ දෙවැනි ජිරාෆ් පැටවාය.







