ජිනීවා කඨිනය ලබන 8


ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 8 වැනිදා උදේ 10ට ඇරඹෙන බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පවසති.

ජිනීවා විහාරස්ථානයේ 24 වැනි වතාවට පැවැත්වෙන මෙවර පිංකම සඳහා මහා සංඝ රත්නය හත් නමක් සහභාගි වීමට නියමිතය.

ඔක්තෝබර් 14 වැනි බදාදා 7.30 ට ජිනීවා විහාරස්ථානයේදී බ්‍රිතාන්‍යයේ සතිපට්ඨාන භාවනා අසපුවේ බෝධිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වීමටද නියමිතය.