කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ දී ඉන්දීය හමුදා රථ පෙළට එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමෙන් පසු මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඉන්දියාවේ පාකිස්තානය එකිනෙකාට එල්ල කරගන්නා ලද ප්‍රහාරවලින් දෙරටේ ගු-වන් හමුදාවලට අයත් ගුවන් යානා දෙකක් කඩා වැටුණු බව ද වාර්තා වේ.
මේ අතර දෙරට අතර උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගන්නා ලෙස ජපානය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රැසක් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා ඇත.
ද හින්දු ඇසුරිනි
055

