ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පුජෝත්සවය බර්ලින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දරාම රජමහා විහාරාධිපති සදානන්ද මහ පිරිවෙනේ අධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර එස්.ඕ.එස් ළමා ගම්මානයේදී පැවැත්විණි.
සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ සිංහල භාෂාවෙන් හා ජර්මන් භාෂාවෙන් පිළිගැනීමේ කතාව කළහ. පිරිස පංච ශිලයෙහි පිහිටවීම බර්ලින් විහාරාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ සිලසුමන හිමි විසින් සිදු සිදු කැරිණි.
රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ජර්මන් බසින්ද වල්පොල කල්‍යාණතිස්ස නාහිමි සිංහල හා ඉංග්‍රීසි බසින්ද කඨිනානිසංස දම් දෙසුම් කළහ.
වැවුරුකන්නල රජමහා විහාරාධිවාසී, බර්ලින් විහාරාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ සිලසුමන, වැවුරුකන්නල විද්‍යාතුංග විද්‍යායතන පරිවේනාධිපති කරතොට ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති දික්වැල්ලේ ධම්මවිලාස, ඇමෙරිකාවේ නෙවාඩා බෝධිධම්ම විහාරාධිපති තවලම සරණ, පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති තලංගල්ලේ සුමංගල, බොන් සමාධි බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි, ඩාලවිට්ස් තායි ධම්මකාය විහාරාධිපති ප්‍රා මහා මොන්චායි සයිතනාපොර්න්, ප්‍රා මහා විචිත්, ප්‍රා මහා බුන්යුන්ග් යන හිමිවරු වැඩම කළහ.
කඨින මහා පුජෝත්සවයට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති අචාර්ය කරුණාතිලක අමුණුගම මහතා හා මහත්මිය, නියෝජ්‍ය තානාපතිනි චමින්දා කොලොන්න මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීහු සහභාගී වූහ.
ජර්මනියේ ස්ටුට්ගාර්ඩ්, කීල්, වොර්ම්ස් නගරවල සිට සිංහල හා ජර්මන් බෞද්ධයෝ පැමිණියහ.








