සිරියාවේ සිට පැමිණෙන සරණාගතයින් වෙනුවෙන් නීති ළිහිල් කොට දේශසීමා විවෘත කිරීමට කටයුතු කර තිබුණ ද විශාල වශයෙන් සරණාගතයින් පැමිණෙන්නට ගැනීම නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පෙර පරිදිම දේශ සීමා නීති කි‍්‍රයාත්මක කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ.
ජර්මන් බළධරයින් මෙය හදුන්වාදී ඇත්තේ තාවකාලික පියවරක් ලෙසය. දැනට රටට ඇතුල් වී සිටිනා සරණාගතයින් පිරිස හරිහැටි හදුනාගැනීමට අවැසි හෙයින් තවත් සරණාගතයින් රටට ඇතුල්වීම සීමා කරනු වස් මෙම තීරණය ගත් බව ඔවුහු කියති.
සිරියා සරණාගතයින්ගේ ප‍්‍රධාන තේරීමක් බවට පත්ව ඇත්තේ ජර්මනියයි. දැනටමත් ලක්ෂ ගණනක සරණාගත පිරිසක් එටට ඇතුල්ව සිටින අතර විචාරකයින් පවසන්නේ මෙම වසර අවසානය වන විට එම ප‍්‍රමාණය ලක්ෂ 8 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.
ඔස්ටි‍්‍රයාව හා ජර්මනිය අතර කි‍්‍රයාත්මක දුම්රිය සේවාවන්ද තාවකාලියව අත්හිටුවා ඇත. ජර්මනියට වැඩිම සරණාගත පිරිසක් පැමිණෙමින් සිටින්නේ ඔස්ටි‍්‍රයාව හරහාය.
ඔස්ටි‍්‍රයාවේ සිට සරණාගතයින් අතුරු සිදුරු නැතිව පිරී පැමිණි දුම්රිය කිහිපයක්ම ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් දුම්රිය ස්ථානයේදී රදවා තබා ගැනිණ. දුම්රියේ සිටින්නවුන්ට දුම්රිය වේදිකාවට බසින්නටවත් අවසර නොලැබිණ.
සංක‍්‍රමණිකයින්ට සහන සැළැසීම අරමුණු කරගෙන යුරෝපා රටවල් එකඟවූ චෙන්ගෙන් ගිවිසුමට ජර්මනිය හදිසියේ පිටුපෑම අනෙක් රටවලට ප‍්‍රහේලිකාවක් වී තිබේ. සරණාගතයින් ට යුරෝපා රටවල් සහය විය යුතුයැයි මුල සිටම ප‍්‍රබල හඩක් නැගුවේද ජර්මනියයි.
මේ අතර ප‍්‍රංශය,පෘතුගාලය වැනි රටවල සංක‍්‍රමණිකයින්ගේ ආගමනයට එරෙහි විරෝධතා ව්‍යාපාරද කි‍්‍රයාත්මක වෙමින් පවතී. ඔවුන්ගේ ඉරණම ගැන තමන් කණගාටු වුවත් ඔවුන් යුරෝපයට පැමිණීම යනු යුරෝපයේ ද අවසානය තීන්දු කෙරෙන්නක් බව විරෝධතාකරුවෝ පවසති.

![2C3A42B700000578-3232763-image-a-1_1442157020464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3A42B700000578-3232763-image-a-1_14421570204641.jpg)
![2C3C011600000578-3232763-image-a-2_1442153884911[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3C011600000578-3232763-image-a-2_14421538849111.jpg)
![2C44BB5F00000578-3232744-image-a-62_1442174779853[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C44BB5F00000578-3232744-image-a-62_14421747798531.jpg)
![2C45D37100000578-3232744-image-m-49_1442172277992[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C45D37100000578-3232744-image-m-49_14421722779921.jpg)
![2C47ACE400000578-3232744-image-a-58_1442172793442[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C47ACE400000578-3232744-image-a-58_14421727934421.jpg)
![2C455A6E00000578-3232744-image-m-3_1442161639398[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C455A6E00000578-3232744-image-m-3_14421616393981.jpg)
![2C457D8900000578-3232744-image-m-24_1442163425579[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C457D8900000578-3232744-image-m-24_14421634255791.jpg)
![2C3905AE00000578-3232763-image-a-37_1442162350623[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2C3905AE00000578-3232763-image-a-37_14421623506231.jpg)
