ජර්මන් අහසේ පුපුරා ගිය ග්‍රහකය


මෙම වසරේ ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒ අනුව, ජර්මනියට ඉහළ අහසේ පුපුරා ගිය ග්‍රහකය මෙතෙක් පෘථිවිය සමීපයෙන් නිරීක්ෂණය කළ සියලුම වස්තූන්වලට වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

'2024 බී එක්ස් 1' ලෙස නම් කළ මෙම ග්‍රහකය බර්ලින් අගනුවරට ඉහළින් වායුගෝලයට ඇතුළු වී තිබුණේ පසුගිය ජනවාරි 21 වැනිදා අලුයම කාලයේය.

පැයට කිලෝමීටර 50,000 ක වේගයෙන් ඇදී ආ ග්‍රහකය සෑම තත්පර 2.6 කට වරක් තමා වටා භ්‍රමණය වෙමින් වටයක් සම්පූර්ණ කර ඇත.

ග්‍රහකය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන තුරු විද්‍යාඥයන් ඒ ගැන දැන නොසිටි බව ද පැවැසෙයි.