ජගත් ආරක්ෂක කවුන්සිලය දොස් කියයි


දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය දොස් නගා ඇත.

එම ප්‍රහාරය එල්ල කළේ යැයි එහි වගකීම බාරගෙන ඇත්තේ ලක්ෂාක්ර ඊ තයිබා නමැති බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයයි. මොවුන්ට පාකිස්තාන රජයත්, එරට අයි.එස්. බුද්ධි අංශයත් සහාය දක්වන බවට ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා නගා ඇත.

ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පාකිස්තානයට දොස් නැගුවේ ඒ අනුවය.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුදමය තත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)