ටිබෙටයට මායිම්වූ චීනයේ මායිසොකුන්ගාර් දිස්ති‍්‍රක්කයේ ඉකුත් සෙනසුරාදා (30) හටගත් නාය යෑමට හසුවීමෙන් මියගිය ගණන 93 තෙක් ඉහළ ගොස් ඇත.
එම නාය යෑමෙන් මායිසොකුන්ගාර් ගම්මානයක් මුළුමනින්ම යටවිය. නාය යෑම හටග්තතේ රාති‍්‍රයේය. එම අවස්ථාවේ බොහෝ දෙනෙක් නිදාගෙන සිටියහ.
නාය යෑම හටගත් අවස්ථාවේ සිට පස් තට්ටු යට වැළැලූණු ගම්වැසියන් සොයා මෙහෙයුම් ඇරැඹිණි. පස් කට්ටු යට සිරවී මියගොස් සිටි ගම් වැසියන් සොයා ගැනීමට හැකි වූයේ පැය 36 කට පසුවය.
|
මළ සිරුරු සොයමින්... |

