චීනය එක්ක සාකච්ඡාවට ඇමෙරිකාව සූදානම්


චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මේ බව පැවැසුවේ, ඇමෙරිකන් සහ චීන බලධාරීන් අතරේ දෙරට හටගත් වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීය.

තීරු බදු සම්බන්ධයෙන් හටගත් ගැටුම, කඩිනමින් විසඳීමටත්, වෙළෙඳ යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)