චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි


ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඇරැයුමට අනුව, චීන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන එලීසේ මාලියට පැමිණි අවස්ථාවේදීය.

චීන ජනාධිපති යුරෝපා රටවල් කීපයක සංචාරය කරයි. ඔහුගේ පළමු නැවැතුම වන්නේ ප්‍රංශයයි. යුරෝපා රටවල් සහ චීනය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනයයේ සහාය රුසියාවට හිමිවන බැවිනි. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට චීන ජනාධිපති ජින්පින් මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

චීන ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වී සිටින්නේ බිරිඳ පෙන්ග් ලුවාන් සහ චීන රජයේ නියෝජිත පිරිසක් ද සමඟය. එලී​සේ මාලිගයට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් කටයුතු කළහ. චීන ජනාධිපති වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)