චීන අගමැති ලී කෙකියැං ඉන්දියාවේ සංචාරයක


චීන අගමැති ලී කෙකියැං පෙරේදා (19) සවස තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
චීන අගමැති නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණියේ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟය.
අගමැති කෙකියැං, ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී චීනයත් ඉන්දියාවත් අතර නිර්මාණය වී ඇති දේශසීමා අර්බුදය ගැන සාකච්ඡුා කිරීම ද නියමිතය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
චීන අගමැතිවරයාගේ සංචාරය නිමිත්තෙන් නවදිල්ලි නුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය. නවදිල්ලියේ උමං දුම්රිය ස්ථාන කිහිපයක් ද වසා දමා ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවත් සමඟ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීම ද චීන අගමැති ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.
අගමැති ධුරයට පත් වීමෙන් පසු, ලී කෙකියැං ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. ඔහු මීට පෙර ඉන්දියාවේ සංචාරය කළේ ඇමැතිවරයකු ලෙසය. ඒ 27 වසරකට පෙරය.

 

චීන අගමැති (වමේ) ඉන්දීය අගමැති හමුවී...