ගෝතමාලාවේ කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
නාය යාම සිදුවූ කඳු පාමුල ගම්මාන දෙකක වැසියෝ පණ පිටින් වැළලී ඇතැයි එම පුවත් සේවය සඳහන් කරයි. දින කිහිපයකට පෙර නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත. ගෝතමාලාවේ සැන්ටා කැටලිනා නිම්නයේ මෙම නාය යාම සිදුවිය.
නාය යාමෙන් විනාශවූ සුන්බුන් අතර තවමත් ජීවතුන් අතර සිටින පිරිස් සොයා ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.




