ගාසා පොඩ්ඩෝ 8,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා


ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ගාසා තීරයේ අවුරුදු 5 ට අඩු දරු දැරියන් 8,000 කට වැඩි පිරිසක්, උග්‍ර මන්දපෝෂණයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිණි.

මහ ලේකම්වරයාට අනුව, ගාසා පලස්තීන වැසියන් තිස් දෙදෙනකු මේ වනවිට මන්දපෝෂණය හේතුවෙන් මියගොස් ඇත.

ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 250 ක් ගත වී ඇති අතර, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන් 15,694 දෙනකු මියගොස් ඇති බවය.

තවත් දරුවන් 17,000 කට මව පියා හෝ මව පියා දෙදෙනාම හෝ අහිමි වී ඇතැයි ද පැවැසෙයි.