කෝටි 7500ක ලොතරැයියක් දිනයි


ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම තෑගි මුදලක් ලබා දුන් ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා සිදු විය.

පවර්බෝල් නම් වන මේ ලොතරැයියේ මෙවර ත්‍යාග මුදල ලෙස සඳහන්ව තිබූයේ ඩොලර් කෝටි 59 (රුපියල් කෝටි 7552)කි. ඒ එදා මෙදා තුර ඇමෙරිකාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් පිරි නැමූ ඉහළම ත්‍යාග මුදලයි.

ෆ්ලොරිඩා ප්‍රාන්ත වැසියකු විසින් තෑගි මුදල දිනා ඇති බව අදාළ නිලධාරීන් නිවේදනය කර තිබෙන අතර ජයග්‍රාහකයා සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළි කිරීම ලොතරැයි සමාගම ප්‍රතික්ෂේප කරයි.