දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර හටගත් යුද උණුසුම දැන් මැකී ඇත. දෙරට දේශ සීමාවේ ඇති වූ ගැටුමකින් උතුරු කොරියා භටයන් පිරිසක් තුවාල ලැබීමෙන් පසු යුද උණුසුම හට ගත්තේය.
එම සිද්ධිය ගැන උතුරු කොරියා ජොන් හැප් ප්‍රවෘත්ති සේවය කණගාටුව පළ කිරීමත් සමග උතුරු කොරියා ආරක්ෂක ප්‍රධානී කිම් ක්වාන් ජින් නිවේදනය කළේ උතුරු කොරියා යුද සූදානම අද නතර කළ බවයි.
උතුරු කොරියාව සමාව ගත යුතු යැයි ද ඔහු කියයි.


