උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇත.
නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ තර්ජනය කරමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව, දිගින් දිගටම හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අනතුරු අඟවා ඇති අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ලිපිය යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට තමන්ය පහර දීමක් කරන්නේ නම්, තමන් දරුණු ආකාරයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිදු අවස්ථාවක මැලි නොවන බව කොරියානු නායනයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත. එම ලිපිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද පැවැසෙයි.
ට්‍රම්ප් මීට පෙර, පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2017 වසරේදීය. එම කාලයේ ඔහු දකුණු කොරියාවේ ද සහාය ඇතිව, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට උත්සාහ කළේය. උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව් දී ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවක් ද සිදුවිය.
(ඒ.එෆ්.පී.)