ඉතාලියේ ගිග්ලියෝ දූපත අසළ දී පෙරළී ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නම් සුවිසල් නෞකාව ජූලි 21 දා යළි සම්පූර්ණයෙන් ම ගොඩගැනීමට නියමිත.
ටොන් 114,500ක් බරැති නැව මීටර 290ක් දිගැතිය. 2012 ජනවාරි දහතුන් වැනිදා මගීන් 4229ක් හා සේවකයන් 70 ක් සමග පෙරළී විනාශ වූ මෙම නෞකාවේ සිටි 32 ක් මියගිය අතර ඉන්දීය සූපවේදියකු අතරුදන් විය.
ලොව අධි සුඛෝපභෝගී නෞකා අතරින් එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති කොස්ටා කොන්කොඩියා නැව අවන්හල්, සිනමා ශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ, සමාජ ශාලා, පිහිනුම් තටාක, කැසිනෝ ඇතුළු පහසුකම් රැසකින් සමන්විත විය.
නැව පෙරලී ගිය අවස්ථාවේ එහි තට්ටු හතරක් උඩට මතුව තිබිණි. දැනට ගොඩගැනීම ආරම්භ කැර ඇති මේ නැවේ ඉතා දුෂ්කර චාරිකාවක යෙදුණු ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඡායාරූප රැසක් ඩේලි මේල් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කැර ඇත. ඒ ඡායාරූප අතර තවමත් භාවිතා කළ හැකි හොඳ තත්ත්වයේ පවතින විනාශ නොවූ පියානෝවක් ද දක්නට ලැබේ.
මුහුදු රළ වැදීමෙන් මළ බැඳී ඇති බරාදි වැටවල්, විශාල සෝපාන, මේනම සුන්බුන් වී ගිය කොටස් කලාත්ම ඡායාරූප හා රැසකට පාදක වී ඇත. ඉතාලි නාවුක බලධාරීන් පවසන්නේ දැනටමත් නැවේ තට්ටු හයක් හයක් ගෙගෙන ඇති බවයි.















